දේශීය

ඉදිරියේදී පාසල් ආරම්භ කිරීමට නව ක්‍රමවේදයක්

(UTV | කොළඹ ) – අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කරන්නේ නම්, විශේෂ කාල සටහන් ක්‍රමවේදයක් යටතේ කටයුතු කිරීම කෙරෙහි යොමුවී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් අතර, පසුගියදා පැවති හමුවකදී විභාග පාදක කර ගනිමින් 10 ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණි සඳහා පමණක් පාසල් ආරම්භ කිරීම කෙරෙහි සාකච්ඡා වී ඇත.

එසේම, පාසල් ආරම්භයට පෙර සියලූ පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.

තවද කොරෝනා වසංගතයෙන් අනතුරුව පාසල් නැවත ආරම්භ කළ පසු රජය ලබාදෙන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමට තමන් සූදානම් බව සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය ප්‍රකාශ කර ඇත.

Related posts

අදත් කොවිඩ් මරණ 05ක්[RELEASE]

Mohamed Dilsad

ආචාර්යවරු සහ නිලධාරීන් 122ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පොලු තියයි.

Editor O

අර්ථවත් වෙ⁣ළඳ සහ ආරක්ෂක ගිවිසුම්” පිළිබඳ විනිවිද භාවයක් අවශ්‍යයි – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment