දේශීය

ගිං ගඟ මෝයකට නාන්න ගිය සිසුන් දෙදෙනා මිය යති

(UTV |  ගාල්ල) – ගිංතොට ගිං ගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙකු ඊයේ (08) දහවල් දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්න, අරාබි විදුහලේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සහ 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා පැය භාගයක් පමණ වේලාවක් දිය යට සිට ඇති අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන තිබේ.

ඒ වන විටත් එක් අයකු මියගොස් සිට ඇති අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Editor O

හුදකලා තත්ත්වය පිළිබඳ අලුත් නිවේදනයක්

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් වැස්ස

Mohamed Dilsad

Leave a Comment