දේශීය

ගිං ගඟ මෝයකට නාන්න ගිය සිසුන් දෙදෙනා මිය යති

(UTV |  ගාල්ල) – ගිංතොට ගිං ගඟ මෝයකට අසල මුහුදු වෙරළේ දිය නාමින් සිටි සිසුන් දෙදෙනෙකු ඊයේ (08) දහවල් දියේ ගිලී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවින්න, අරාබි විදුහලේ අධ්‍යාපනය ලබන 14 හැවිරිදි සහ 15 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා පැය භාගයක් පමණ වේලාවක් දිය යට සිට ඇති අතර පසුව ප්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන තිබේ.

ඒ වන විටත් එක් අයකු මියගොස් සිට ඇති අතර අනෙක් සිසුවා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

Related posts

ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ග 10ක් භාවිතයට ගැනීම අත්හිටුවයි

Editor O

මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිලා නැහැ : තක්කඩි වෙන්න එපා – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

Editor O

නුවරඑළියේ මාර්ගවල රෑට ගමන් යන්න එපා…!

Editor O

Leave a Comment