දේශීය

45දෙනෙකුගේ ඕස්ට්‍රේලියා සිහිනය බොඳ වෙයි

(UTV | ගාල්ල) – නීති විරෝධි ලෙස ඕස්ට්‍රෙිලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 45 දෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හබරාදූව පොලීසිය පැවසුවේ නාවික හමුදාවේද සහාය ඇතිව අද (23) අලුයම මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව පොලීසිය සදහන් කරයි.

ඔවුන්ගෙන් 33ක් පිරිමි පුද්ගලයින් වන අතර හත් දෙනෙක් කාන්තාවන්ද තිදෙනෙක් ළමයින්ද වේ.

මෙම පිරිස පුල්මුඩේ ප්‍රදේශයෙන් ඕස්ට්‍රේලියාවට යාමේ බලාපොරොත්තුවෙන් මාසයක පමණ කාලයක් විවිධ ස්ථානවල නතරව සිට පසුව දින පහක සංචාරයක් යාමට බව පවසා ඊයේ වව්නියාවෙන් බස් රථයක රැගෙන ගාල්ල උණවටුනට පැමිණ හෝටලයක නතරව සිටියදි මෙසේ අත් අංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මොවුන් පිරිස අද ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Related posts

අධිවේගී මාර්ග රටට අවශ්‍යයි -ඇමති සුනිල් හඳුන්නෙත්ති

Editor O

කොරෝනා ගැන සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුවීම් පිළිබඳ CID විමර්ශන

Mohamed Dilsad

ඡන්දය තියන්න අභියෝගයක්! මුදල් ලේකම් අධිකරණයට කියයි

Mohamed Dilsad

Leave a Comment