දේශීය

ගුවන් සේවිකාවන් ට විශේෂ දැනුම්දීමක්

(UTV | කොළඹ) – ගුවන් සේවිකාවන් ලෙස බඳවා ගැනීමේ දී අසත්‍ය තොරතුරු ලබාදුන් ඕනෑම අයෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ගුවන් සේවිකාවන් බඳවා ගැනීමේ දී අවිවාහක බව අවම සුදුසුකමක් වන බවය.

“එහෙත් සේවයේ නිරතව සිටින සේවිකාවන් සඳහා මෙය අදාළ නොවේ. විවාහක බව සඟවමින් ගුවන් සේවිකාවන් ලෙස බැඳී ඇති සේවිකාවන් ගැන සමාගම නොදනී. අසත්‍ය තොරතුරු ලබාදී ඇති බව තහවුරු වන ඕනෑම අයදුම්කරුවෙකු සේවකයෙකු සමාගමේ අනුමත විනය ක්‍රියාපටිපාටියට යටත්වන අතර, ඒ අනුව අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. එහෙත් පසුගිය කාලය තුළ එලෙස සිදුවීම් වාර්තා වී නොමැත.”

Related posts

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

බදු පනත් කිහිපයක් සංශෝධනය කෙරේ

Mohamed Dilsad

හිටපු පොලිස්පති දේශබන්දු මාතර අධිකරණයේ පෙනී සිටී

Editor O

Leave a Comment