විදෙස්

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පවත්වන දිනය නිවේදනය කරයි

(UTV | ලන්ඩන්) – බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 වසරේ මැයි මස 6 වන දා ලන්ඩන් නුවර, වෙස්මින්ස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය පවසයි.

එම උත්සවයේදී තෙවන චාල්ස් රජු ඔහුගේ සහකාරිය සමග කිරුළු පළඳවනු ඇත අතර එය කැන්ටබරි අගරදගුරුතුමා විසින් මෙහෙයවනු ලබනු ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී සැප්. 19 වන දා පැවැත්විණි.

70 වසරක පාලනයකට උරුමකම් කී 96 වන වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ, සැප්තැම්බර් 8 වන දා බැල්මොරල්හිදී මාලිගයේදී අභාවප්‍රාප්ත වූවා ය.

ඇයගේ අභාවයෙන් පසු, ඇයගේ පුත් චාල්ස්ට බ්‍රිතාන්‍යයේ රජකම හිමි විය.

Related posts

ප්‍රංශයේ කොරෝනා මරණ ගණන ඇමෙරිකාව පසුකරයි

Mohamed Dilsad

අතුරුදන්ව සිටි උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට [PHOTOS]

Mohamed Dilsad

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment