විදෙස්

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පවත්වන දිනය නිවේදනය කරයි

(UTV | ලන්ඩන්) – බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේකය 2023 වසරේ මැයි මස 6 වන දා ලන්ඩන් නුවර, වෙස්මින්ස්ටර් ඇබේහිදී පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිගය පවසයි.

එම උත්සවයේදී තෙවන චාල්ස් රජු ඔහුගේ සහකාරිය සමග කිරුළු පළඳවනු ඇත අතර එය කැන්ටබරි අගරදගුරුතුමා විසින් මෙහෙයවනු ලබනු ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

දෙවන එලිසබෙත් මහ රැජිණගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී සැප්. 19 වන දා පැවැත්විණි.

70 වසරක පාලනයකට උරුමකම් කී 96 වන වියේ පසු වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ, සැප්තැම්බර් 8 වන දා බැල්මොරල්හිදී මාලිගයේදී අභාවප්‍රාප්ත වූවා ය.

ඇයගේ අභාවයෙන් පසු, ඇයගේ පුත් චාල්ස්ට බ්‍රිතාන්‍යයේ රජකම හිමි විය.

Related posts

දියවදියාව සුව කිරීමට ස්මාට් ජංගම දුරකතන යොදා ගනීද?

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොරෝනා වෛරස් ප්‍රභේදය රටවල් 70 ක

Mohamed Dilsad

Leave a Comment