දේශීය

ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට අවධානය

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවෙන් පොල් මද ආනයනය කිරීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මෙරට පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා අදාළ ආනයන කටයුතු සිදුකෙරෙනු ඇති අතර, ඒ අනුව ඊට අවශ්‍ය තාක්‍ෂණික දැනුම, බැංකු ණය හා ආයෝජන අවස්ථා පොල් සංවර්ධන අධිකාරිය විසින් ව්‍යවසායකයන්ට ලබාදීමටද වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

මීට අමතරව ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමේ අවශ්‍යතාවක් සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය අතර පසුගියදා අදහස් හුවමාරු වී තිබේ.

ඒ අනුව ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වාණිජ කටයුතු අමාත්‍යවරයා කඩිනමින් දැනුම්වත් කරන බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසින් තානාපතිනියට දන්වා ඇති බවද සඳහන් වේ.

Related posts

දේශබන්දු තෙන්නකෝන් ගැන, හිටපු ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්

Editor O

දඹදිව සිට පැමිණි වන්දනාකරුවන් අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

බස්නාහිර පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment