දේශීය

‘බලයට පැමිණි රහස’ ජනාධිපති හෙළි කරයි

(UTV | කොළඹ) – ජනාධිපති ධූරයට පත්වී සඳහා තමන්ට ආණ්ඩු පක්ෂයේ සහයෝගය සේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ද සහාය හිමිවීම රහසක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

පටු දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාවාදීව ක්‍රියා කිරීමට තමන් අපේක්ෂා කරන පසුබිමක විපක්ෂය තවදුරටත් පාර්ලිමේන්තු ජාතික සභාව සහ අධීක්ෂණ කමිටු වෙත ඔවුන්ගේ මැදිහත්වීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

වෘත්තීයවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“පාර්ලිමේන්තුව ඇතුළේ පක්ෂ ක්‍රමයෙන් එක එක කණ්ඩායම් බිහිවෙලා තියෙනවා. මම ජනාධිපති වුණේ විශේෂයෙන්ම ඒක රහසක් නෙමෙයි. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. සුළුතරයක් වෙනත් අපේක්ෂකයන්ට ඡන්දේ දෙන්න ගියා. මට ආණ්ඩු පක්ෂයේ සහයෝගය ලැබුණා. ඒ වගේම මට විපක්ෂයේ මන්ත්‍රීවරුත් ඡන්දේ දුන්නා. සජබයේත් ද්‍රවිඩ පක්ෂවලත් මන්ත්‍රීවරු මට ඡන්දේ දුන්නා. ඒ නිසා දෙපැත්තෙන්ම ඒ ඡන්දේ ලැබුණා. මමත් බලන්නේ අපේ මේ පටු පක්ෂ භේදයෙන් තොරව ජනතාවට උවමනා කරුණු මොකද්ද කියලා පෙන්නලා දෙන්න. ඒ අනුව ක්‍රියා කරන්න. දැනට පාර්ලිමේන්තුවේ ජාතික සභාවක් ඇති කළා පක්ෂයේ ඉල්ලීම අනුව. අනෙක් සභාත් පාර්ලිමේන්තුවේ ඇති කරලා තියෙනවා. අධීක්ෂණ කොමිසම් ඒත් තාම මේවා පුරවන්න බැරිවෙලා තියෙනවා. සමහරු ජාතික සභාවට එනවා. අනෙක් අය එන්නේ නෑ. රට බලාපොරොත්තු වෙන්නේ සියලුදෙනා එකතුවෙලා වැඩ කරයි කියලා.”

Related posts

නිරෝධායන කඳවුරුවල පිරිස 3000 ඉක්මවයි

Mohamed Dilsad

ඇමති සහ මන්ත්‍රීලාගේ වරප්‍රසාද අඩුකරන විදිය

Editor O

මෙරටට ගුවන් මගීන් ගෙන්වන ක්‍රමවේදය

Mohamed Dilsad

Leave a Comment