දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වැසෙයි

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව අද (07) සිට වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්[RELEASE]

Mohamed Dilsad

බහාලුම් ගාස්තු දෙගුණයක් කිරීම නිසා සහල් ආනයනය අතහැර දමයි.

Editor O

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment