ක්‍රීඩා

ඉන්දියාවට තියුණු ජයක්

(UTV |  ඉන්දියාව) – සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට නාග්පූර් හි පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 8 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 90ක් රැස්කර ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් මැත්ව් වඩේ නොදැවී ලකුණු 43ක් රැස්කර ගැනීමට සමත් විය.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

නායක ආරෝන් ෆින්ච් ලකුණු 31යි.

පන්දු යැවීමේදී ඉන්දීය පිලේ අක්ෂාර් පටේල් කඩුළු 2ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඉන්දීය පිල පන්දුවාර 7යි පන්දු 2කදි කඩුළු 4ක් දැවී ලකුණු 92ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කළේය.

ඉන්දීය පිල වෙනුවෙන් නායක රෝහිත් ෂර්මා නොදැවී ලුකණු 46ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමගිනි.

විරාට් කෝලි ලකුණු 11යි.
කේ. එල්. රාහුල් ලකුණු 10යි.
දිනේශ් කාර්තික් ලකුණු 10යි.
තරගයේ වීරයා සම්මානය රෝහිත් ෂර්මා විසින් දිනාගනු ලැබීය.

තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තරග 1ට 1ක් ලෙස ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවේ.

Related posts

ක්‍රීඩා ඇමති රළ මත ලිස්සා ‍යෑමේ පුහුණු සැසියක [PHOTOS]

Mohamed Dilsad

හිමාෂ ඒෂාන් ඔලිම්පික් ශූර යොහාන් බ්ලේක් පරදවයි

Mohamed Dilsad

භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

Mohamed Dilsad

Leave a Comment