ගොසිප්

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

(UTV | කොළඹ) – ඉන්ධන නෞකා තුනකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවට තොරතුරු වාර්තා වේ.

බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද පස්වරුවේ පැවසුවේ ඩීසල් නෞකා දෙකක් සහ බොරතෙල් නෞකාවක් එලෙස මෙරට මුහුදු සීමාවේ නතර කර ඇති බවයි.

බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4 සහ 7 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වී ඇත.

එම නිලධාරියා සදහන් කළේ එක් නෞකාවකට මුදල් අර්ධ වශයෙන් ගෙවා ඇති බවයි.

Related posts

කොරෝනා රෝගියෙකු නිසා මීගමුවේ පිහිටි පෞද්ගලික රෝහලක් වැසේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය අදයි..

Mohamed Dilsad

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

Mohamed Dilsad

Leave a Comment