දේශීය

ඉන්දියාවෙන් තව නව මූල්‍යමය පහසුකම් නෑ

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් මූලික ණය ගිවිසුමකින් පසු ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගන්නා බැවින්, මේ වසරේ දී දීර්ඝ කර ඇති ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය පහසුකමට අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍ය ආධාර සැපයීමට ඉන්දියාව සැලසුම් නොකරන බව රොයිටර් පවුත් සේවය වාර්තා කරයි.

මූලාශු දෙකක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව සඳහන් කරයි. ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙන ශ්‍රී ලංකාව වෙත මේ වසරේ විශාලතම ආධාර සපයා ඇති රට බවට ඉන්දියාව පත්ව තිබේ.

ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් පැවසුවේ ඉන්දියාවේ තීරණය අරුමයක් නොවන බවත්, තවත් විශාල පරිමාණයේ සහයෝගයක් නොලැබෙන බවට නව දිල්ලිය මාස කිහිපයකට පෙර ඔවුන්ට “සංඥාවක්” දුන් බවත්ය.

කෙසේ වෙතත්, මෙම වසර අගදී ජපානය, චීනය සහ සමහරවිට දකුණු කොරියාව සමඟ ශ්‍රී ලංකාව පැවැත්වීමට සැලසුම් කර ඇති පරිත්‍යාගශීලීන්ගේ සමුළුවකට ඉන්දියාවට ආරාධනා කරන බව මූලාශ්‍රය පැවසීය.

තවත් ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් බිලියන 1 ක හුවමාරු ගිවිසුමක් සඳහා වූ සාකච්ඡා සහ මැයි මාසයේදී සිදු කරන ලද ඉන්ධන මිලදී ගැනීම සඳහා දෙවන ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බවයි.

-රොයිටර්

Related posts

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ආනවිලුන්දාවේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යි – එස්.එම් මරික්කාර (පා.ම)

Editor O

Leave a Comment