Trending Newsඑසැන පුවත්දේශීය

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට යි – එස්.එම් මරික්කාර (පා.ම)

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණයේදී වැඩිම ජනප්‍රසාදයක් හිමිවන පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවත් ඒ බව සියලු සමීක්ෂණ වාර්තා වලින් තහවුරු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 16දා පැවැති මාධ්‍ය හමුවට සහභාගී වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මේ බව පැවැසීය.

මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. සමීක්ෂණ වාර්තා අනුව අනුර කුමාර දිසානායකට තිබෙන ජනතා කැමැත්ත සියයට 22% සිට සියයට 15%ට අඩුවෙලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහ පොදුජන පෙරමුණට තිබෙන ජනප්‍රියතාවය ද වැඩි වන්නේ නැහැ. රටේ සියලු ජනතාවගේ හදවතේ නායකයා බවට සජිත් ප්‍රේමදාස මහතා පත්වී තිබෙනවා.

දැනට ආණ්ඩුව කරන ඇතැම් අය, යම් යම් කාරණා නිසා, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වීමට තිබෙන අවස්ථාව නැති කරන්න උත්සාහ කරන බව පේන්න තියෙනවා. එම උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පොහොට්ටුවෙන් අපේක්ෂකත්වය නොලැබුණොත් අපට කරන්න දෙයක් නැහැ. ජනමතයට ඉඩදෙන්න කියලා අපි ඉල්ලනවා. සජිත් ප්‍රේමදාස මහතාට සහ සමගි ජන බලවේගයට තියෙන ජන ප්‍රසාදය අනුව පැහැදිලි ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. යැයි ද කීවේය.

Related posts

Sri Lankan shares rise: Post 8th straight weekly gain

Mohamed Dilsad

பல்கலைக்கழக பணிநிலை வெற்றிடங்களை நிரப்பும் பணி இடைநிறுத்தம்

Mohamed Dilsad

அரசாங்கம் போதை ஒழிப்பு நடவடிக்கைகளை கடுமையான சட்ட திட்டங்களுடன் நடவடிக்கை மேற்கொண்ட போதிலும் நிலைமைகள் குறையவில்லை

Mohamed Dilsad

Leave a Comment