දේශීය

මඩ ප්‍රචාරට එරෙහිව හරීන් CCID යයි

(UTV | කොළඹ) – සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තමන්ට සම්බන්ධ අසත්‍ය චෝදනා වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට (CCID) පැමිණිල්ලක් ගොනු කර තිබේ.

තමා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇත්තේ “Professional Group SJB” නමින් හඳුන්වන කණ්ඩායමක් විසින් WhatsApp හරහා ප්‍රචාරය කරන බව CCID වෙත කළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි.

වට්ස්ඇප් හරහා හුවමාරු වන පණිවිඩ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ, මල්ෂා කුමාරතුංගගේ සහ තමාගේ නම්වලට මඩ ගැසීමක් ද දක්නට ලැබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය වේදිකා හරහා තමන්ට එරෙහිව දිගින් දිගටම මඩ ප්‍රචාර ගෙන යන බව අමාත්‍යවරයා CCIDයට පෙන්වා දුන්නා.

වට්ස්ඇප් පණිවිඩයේ ඇති සියලු චෝදනා අසත්‍ය බව පවසමින් ඔහු මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස සීසීඅයිඩීයෙන් ඉල්ලා සිටියේය.

Related posts

ගෑස් සම්බන්ධයෙන් නවතම ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ලබන මාසයේ සිට පාසල් වෑන් රථ ගාස්තුවත් ඉහළට

Mohamed Dilsad

පෙර පාසල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ ගැන සලකා බැලේ

Mohamed Dilsad

Leave a Comment