දේශීය

මෙරට විදේශ සංචිතවලට වන බලපෑම තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – මෙරට විදේශ සංචිතවලට වන බලපෑම ඉදිරි කාලයේ දී තවදුරටත් උග්‍ර විය හැකි බැවින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

ඉන්ධන ,ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් අවශ්‍ය බැවින්,අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය දැඩි ලෙස
සීමා කරන ලෙස මහ බැංකුව දැනුම් දී ඇත.

ඒ අනුව , මහ බැංකුව ආනයනය සීමා කළ යුතු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග ලැයිස්තු තුනක් මුදල් අමාත්‍යාංශයට ද යවා ඇත.
එහි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වර්ග දෙදහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බව ද වාර්තා වේ.

එමෙන්ම විවෘත ගිණුම් ක්‍රමය සහ භාණ්ඩ විකිණීමෙන් පසුව මුදල් ගෙවීමේ පදනම යන ගෙවීම් ක්‍රම යටතේ භාණ්ඩ ආනයනය තාවකාලිකව තහනම් කරන ලෙසද මහ බැංකුව මුදල් අමාත්‍යංශයට දැනුම් දී ඇත.

Related posts

විශාලම ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබායි

Editor O

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයට තවත් පිරිසක්

Mohamed Dilsad

මැදපෙරදිග රටවල් දෙකක ලාංකිකයන් 51 ක් අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment