දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහයට තවත් පිරිසක්

(UTV |කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමයද පවසයි.

මේ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව රට පුරා සේවය කළ ඩෙංගු මර්දන සහායකයින් , කොවිඩ් 19 වසංගතය මැඩපැවැත්වීමට සඳහා සිදුකළ සියලු රාජකාරිවලින් ඉවත් වූ බව එම සංගමයේ ලේකම්, සුරංග දර්ශන මහතා පවසයි.

මොවුන් විසින් සිදුකළ PCR පරීක්ෂණ සඳහා සහාය වීම, විෂබීජහරණ කටයුතු, ප්‍රජාව දැනුවත් කිරීම, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සමග නිරෝධායන කටයුතුවලට සහාය වීම වැනි කාර්යයන් වලින් ඔවුන් ඉවත්ව ඇත.

ඔවුන් පවසන්නේ තම සේවය ස්ථිර කර නොමැති අතර රු 22,000 ක මාසික දීමනාවක් තමන් මෙම සියලු රාජකාරි ඉටුකරයි.

නමුත් එයට බලධාරීන්ගේ ඇගයීමකට හෝ ලක් නොවන අතර තම සේවය ස්ථිර කරන බවට බලධාරීන්ගෙන් පිළිතුරක් නොලැබීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට තමන් සහය පළ කිරීමට තීරණය කළ බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

අද අලුයම සිට තවත් ප්‍රදේශ 04 ක් හුදකලා කරයි

Mohamed Dilsad

තවත් 561 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

බැඳුම්කර ගනුදෙනුව ගැන ඇමති විජිත හේරත් කළ ප්‍රකාශය සාවද්‍යයයි – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් නිවේදනයක්

Editor O

Leave a Comment