ගොසිප්

පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

මේ අනුව එදින තේ පැන් සංග්‍රහය සඳහා වියදම් වූ රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහසක මුදල ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් ගෙවා තිබේ.

අසීරු කාල පරිච්ඡේදයේ අවම වියදමකින් රජයේ වියදම් තබාගත යුතුය යන ජනාධිපතිවරයාගේ දැක්මට අනුව මෙම පියවර ගත් බව මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය.

Related posts

දේශීය සංචාරකයන්ට යා නොහැකි හෝටල්වල බලපත්‍ර අවලංගුයි

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් වන අවසන් තීරණය

Mohamed Dilsad

Leave a Comment