ගොසිප්

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සම්බන්ධයෙන් වන අවසන් තීරණය

(UTV | කොළඹ) – දැනට හුදෙකලා කල ඇති ප්‍රදේශවල එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් අද දිනය තුළ විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එක්ව මෙම විශ්ලේෂණය සිදුකරන අතර , එක් එක් ප්‍රදේශවලින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව, ආසාදිතයන් ගණන මෙන්ම නිවාස නිරෝධායනය වන සංඛ්‍යාව කෙරෙහි ද එහිදී අවධානය යොමුකරනු ඇත.

ඉන් අනතුරුව ලබන සඳුදා අලුයම 05 න් පසුවද හුදෙකලා කළ යුතු ප්‍රදේශ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව යුධ හමුදාපතිවරයා අවධාරණය කළේය.

කිසියම් පොලිස් වසමක ග්‍රාම නිළධාරී වසමක හෝ කුඩා ප්‍රදේශයකින් පමණක් ආසාදිතයන් වාර්තා වන්නේ නම් එම කලාපය පමණක් හුදෙකලා කෙරෙන බව ඔහු කියා සිටියේය.

එමගින් අනෙකුත් ප්‍රදේශවල සිටින ජනතාවට සිදුවන අපහසුතාවය අවම කිරීම අරමුණ වී ඇත.

 

Related posts

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

වැල්ලවත්ත ප්‍රදේශයේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment