ගොසිප්

දේශීය සංචාරකයන්ට යා නොහැකි හෝටල්වල බලපත්‍ර අවලංගුයි

(UTV | කොළඹ) – දේශීය සංචාරකයන්ට සිය අවහන්හල්වලට හා හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන ආයතන සම්බන්ධයෙන් මින් ඉදිරියට දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් එවැනි ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමටත් පියවර ගෙන තිබේ.

මෙහිදී ‘විදේශිකයන්ට පමණයි‘යන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බලපත්‍රලාභී ආයතනවලට සංචාරක සංවර්ධන අධිකාරිය අනතුරු අඟවා ඇති බව එම අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු සඳහන් කළේ හික්කඩුව සහ ආරුගම්බේ යන ප්‍රදේශවල ඇතැම් අවන්හල්වලට හා හෝටල්වලට ඇතුළුවීමට තමන්ට ඉඩ නොදෙන බවට දේශීය සංචාරකයන් පැමිණිලි කර ඇති බවයි.

විදේශීය සංචාරකයන් අඩු සමයකදී සහ පාස්කු ප්‍රහාර වැනි ඕනෑම දුෂ්කර අවස්ථාවකදී සංචාරක කර්මාන්තයට සහාය වන්නේ දේශීය සංචාරකයන් බැවින් එවැනි වෙනස්කම් දේශීය සංචාරකයන් සම්බන්ධයෙන් අනුගමනය නොකළ යුතු බවත් එවැනි සිදු කිරීම් වහාම වළක්වා ගන්නා ලෙසත් එම අධිකාරියට අදාළ ආයතනවලට වැඩිදුරටත් දැනුම් දෙයි.

Related posts

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

Mohamed Dilsad

අකිලට ආසියානු කුසලානය අහිමි වුණේ ඇයි?

Mohamed Dilsad

තවත් පළාතක් හුදෙකලා කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment