විදෙස්

චිනයෙන් තවත් වෛරසයක්

(UTV | චීනය) – නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වෛරසය් ව්‍යාප්ත වෙමින් පවතින බව මෙරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්තවලින් මෙම වෛරස ව්‍යාප්තිය සිදුවන බවත් අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් එම වාර්තා සඳහන් කළේ ය.

‘ලංග්‍යා’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වෛරසයකි. මෙම වෛරසයට කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බවද වාර්තා වේ.

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය සහ තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද මෙම වෛරසය හැකියාව ඇත්තේ එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

YouTube නතරවීමට හේතුව දැනුම් දෙයි

Mohamed Dilsad

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

Mohamed Dilsad

කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාවට බලපෑම්

Mohamed Dilsad

Leave a Comment