දේශීය

රාජ්‍ය සේවකයන්ට මින් ඉදිරියට සිකුරාදා නිවාඩු නෑ

(UTV | කොළඹ) – රාජ්‍ය අංශයේ සේවකයන්ට කෘෂිකාර්මික කටයුතුවල නිරතවීම සඳහා සිකුරාදා නිවාඩුවක් ලබාදීමට නිකුත් කර ඇති චක්‍රලේඛය වහා බල රහිත කිරීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහන පහසුකම් සොයා ගැනීම සඳහා රාජ්‍ය අංශයේ සේවකයින් මුහුණ දෙන ගැටළු හේතුවෙන් සිකුරාදා දිනවල රජයේ කාර්යාල වසා දැමීමේ යෝජනාවකට ජුනි මාසයේදී කැබිනට් අනුමැතිය හිමි විය.

ඉදිරියේදී ඇති විය හැකි ආහාර හිඟයට පිළියමක් ලෙස සිකුරාදා දිනවල කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට රාජ්‍ය අංශයේ සේවකයින් දිරිමත් කරන ලදී.

ඒ අනුව සිකුරාදා දිනවල රජයේ කාර්යාල මාස තුනක කාලයක් වසා තැබීමට අවසර ලබා දෙන චක්‍රලේඛයක් ජූනි මස 15 වැනිදා නිකුත් කෙරුණා.

කෙසේ වෙතත්, එම චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් මේ වන විට අනුමැතිය ලබා දී ඇත.

පොදු ප්‍රවාහනය සාමාන්‍යකරණය කිරීම සහ රට තුළ ආහාර හිඟයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගෙන ඇති බව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 146 කට අද පොදු සමාව

Mohamed Dilsad

වියළි කාළගුණය හේතුවෙන් වකුගඩු – සම ආරක්ෂා කරගැනීමට වැඩිපුර ජලය පානය කරන්න

Mohamed Dilsad

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment