දේශීය

ජනපති නිවසට ගිනි තැබු තිදෙනෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට අනවසරයෙන් ඇතුළු වී ගිනිතබා දේපළ හානිකිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලින් පසුව සැකකරුවන් තිදෙනා ඊයේ (01) රාත්‍රියේ පිළියන්දල සහ නාරාහෙන්පිට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්ලුව පැවසීය.

සැකකරුවන් 18 සහ 22 හැවිරිදි වියේ පසුවන මඩපාත හා කොළඹ 05 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

රාජිත සේනාරත්නට එරෙහි ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව හෙට

Mohamed Dilsad

ජනපති යළි දිවයිනට

Mohamed Dilsad

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරයි.

Editor O

Leave a Comment