දේශීය

ජනපති යළි දිවයිනට

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එතුමාගේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ .

Related posts

පාර්ලිමේන්තුව රැස්වෙයි

Mohamed Dilsad

සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් අවසන් වන ලකුණු

Mohamed Dilsad

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment