කලා

යුරේනි රඟන නයිට් රයිඩර් අද සිට

(UTV | කොළඹ) – යුරේනි නොෂිකා සහ කළණ ගුණසේකර රංගනයෙන් දායක වන නයිට් රයිඩර් සිනමා නිර්මාණය අද 22දා සිට MPI මණ්ඩලයේ සිනමාශාලා රැසක තිරගත කිරීමට නියමිතයි. නවක සිනමාකරුවෙක් වන කසුන් චන්ද්‍රනාත් පතිරණගේ සිනමා අධ්‍යක්ෂණයක් වන නයිට් රයිඩර් ඔහුගේ කුළුඳුල් සිනමා නිර්මාණයයි.

මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද කුමාරඋන්නැහේ, බිමල් ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස් ඇතුළු රංගන ශිල්පීන් මෙහි අතිරේක රංගනයෙන් දායක වී තිබෙනවා. නයිට් රයිඩර් හි තිර පිටපත කසුන් පතිරණ සහ ශ්‍රීනාත් චතුරංග විසින් සිදු කර තිබෙනවා. මෙහි සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි විසින් සිදු කර තිබෙනවා.

Related posts

ලෝක ප්‍රසිද්ධ ගායකයාට කොවිඩ්

Mohamed Dilsad

කොරෝනාවට එරෙහිව සුරූපී නිළි සොනක්ෂිගෙන් රසිකයන්ට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවා

Mohamed Dilsad

Leave a Comment