දේශීය

ලංගම බස් ධාවනය නවතින ලකුණු

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් හිඟය හේතුවෙන් පොදු ප්‍රවාහන පද්ධතියට බාධා එල්ල වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අනතුරු අඟවයි.

එබැවින් පවතින අර්බුදකාරී තත්ත්වය තවදුරටත් පැවතුණහොත් ලංගමයට දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සේපාල ලියනගේ කියා සිටියේ බස් රථ සඳහා අමතර කොටස් නොමැතිවීම හේතුවෙන් බස් රථ දහසකට ආසන්න සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත් කර ඇති බවයි.

ලියනගේ මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංගම පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීමට නොහැකි ආර්ථික තත්ත්වයක පසුවන බවයි.

එබැවින් ආර්ථික අවපාතය පවතින කාලය තුළ පොදු ප්‍රවාහනය සුරක්ෂිත වන පරිදි ඉන්ධන අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය

Related posts

ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

Mohamed Dilsad

බලපිටිය – ඇල්පිටිය රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවතට

Mohamed Dilsad

විදුලිබල මණ්ඩල සේවකයින් අද විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment