දේශීය

ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

(UTV | කොළඹ) – බහුපාර්ශවික කටයුතු සහ ණය තිරසරභාවය පිළිබඳ ජනාධිපති උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් ලෙස මූල්‍ය සහ ආර්ථික විද්‍යා විශේෂඥ කණ්ඩායමක් පත්කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා,ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ශාන්ත දේවරාජන් මහතා සහ IMF හි අප්‍රිකානු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ෂාර්මිනි කුරේ මහත්මිය ජනපතිවරයා විසින් එම කණ්ඩායමට පත්කර ඇත.

මෙම සාමාජිකයින් ජනපතිවරයා හමුවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සහ අදාළ අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සන්නිවේදන කටයුතු පවත්වා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු සාකච්ඡාවට ලක්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

No photo description available.

Related posts

අඛණ්ඩ විදුලි උත්පාදනයට තවත් බාධාවක්

Mohamed Dilsad

උසස් පෙළ විභාග අක්‍රකමිකතා පිළිබඳ පැමිණිලි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ විදේශ ණය ගැන පාර්ලිමේන්තුවට ප්‍රකාශයක්

Editor O

Leave a Comment