දේශීය

Aeroflot ගුවන් යානයේ අවුල : රුසියානු රජයෙන් ශ්‍රී ලංකා තානාපතිනියට විරෝධය

(UTV | කොළඹ) – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය රුසියානු විදේශ අමාත්‍යංශය වෙත කැඳවා ශ්‍රී ලංකා බලධාරීන් එයරොෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර තිබේ.

රුසියානු විදේශ අමාත්‍යංශය මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

“ජුනි 3 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති ජේ.ඒ. ලියනගේ රුසියානු විදේශ අමාත්‍යංශය වෙත කැදවන ලදී,” එම අමාත්‍යංශය ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජූනි 2 වන දා මොස්කව් බලා යාමට නියමිතව තිබූ Aeroflot ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී භාරයට ගැනීමේ ශ්‍රී ලංකාවේ අධිකරණ බලධාරීන්ගේ පදනම් විරහිත තීරණය සම්බන්ධයෙන් ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය වෙත විරෝධය පළ කළ බව ඔවුන් ප්‍රකාශ කර ඇති බව ය.

“සාම්ප්‍රදායිකව මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ඇති වන අහිතකර බලපෑම වළක්වා ගැනීම සඳහා මෙම ගැටලුව කෙටි කාලයක් තුළ විසඳා ගන්නා ලෙස අපි ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉල්ලා සිටියෙමු,” යනුවෙන් රුසියානු විදේශ අමාත්‍යංශය වැඩිදුරට ත් ප්‍රකාශ කර තිබේ.

Related posts

පිටකොටුවේ තොග වෙ⁣ළෙඳසැල් කීපයක් හෙට විවෘතයි

Mohamed Dilsad

අගමැතිධූරය ගැන නිවේදනයක්

Mohamed Dilsad

වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට නීතිපතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment