දේශීය

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

(UTV | කොළඹ) – අද (31) දින සහ ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැක.

අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ත් විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරට ත් පැවසීය.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

“#ගෝඨාගෝගම ප්‍රහාරය නවත්වන්න මගේ සැලසුමට ඉහළින් දෙදෙනෙක් බාධා කළා”

Mohamed Dilsad

හෙට සිට ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment