දේශීය

ජොනී ප්‍රකාශයක් ලබාදීමට සී.අයි.ඩී.යට

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) දිනයේ දී ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ පසුගිය මැයි 09 වැනිදින ගාලුමුවදොර සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කළහකාරී සිදුවීම් සම්බන්ධවයි.

මේ අතර, මැයි 09 වැනි දින සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ 1591 දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එම අත් අඩංගුවට ගත් සංඛ්‍යාවෙන් 719ක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.

Related posts

කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක ත්‍රස්ත බියක්..?

Editor O

“නව ගාස්තු යටතේ දැනට බස් දුවනවා, පාඩුයිනම් නවත්වනවා”

Mohamed Dilsad

IMF ප්‍රගතිය මුදල් ඇමැති ලංකාවට ආවම කියයි

Mohamed Dilsad

Leave a Comment