දේශීය

රටතුල පවතින තත්වය ගෙන මැතිවරණ කොමිසම කණගාටුවෙන්

(UTV | කොළඹ) – අද රටතුල පවතින තත්වය මත ජනතාව පත්ව ඇති අතිදුෂ්කර තත්වය පිළිබදවත් පවතින දේශපාලන ක්‍රියාකාරකම් පිළිබදවත් බලවත් සංතාපයෙන් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

මේ අවස්ථාවේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුධයට විසදුම් සෙවීම සදහා සියලූ දේශපාලන පක්ෂ එකට එක්වී කටයුතු කල යුතු බවත් එම නිවේදනයේ සදහන්.

ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව ඉදිරිපත් කෙරෙන ජනතා අදහස් වලට සවන්දීම දේශපාලන පක්ෂ සතු වගකීමක් බව පෙන්වා දෙන කොමිසම අවධාරණය කරන්නේ එය නොසලකා හැරීම රටතුල විශාල ව්‍යසනයක් ඇතිවීමට හේතුවිය හැකි බවයි.

Related posts

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අද සිට යළි විවෘතයි

Mohamed Dilsad

ෆැල්කන් මෘදුකාංගයේ තාක්ෂණික දෝෂයෙන් බලපෑමක් වුණාදැයි-මෙරට තොරතුරු පද්ධති 40කින් වාර්තා කැඳවයි.

Editor O

වෘත්තීය පුහුණු ආයතන ජුලි 06 වනදා සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment