දේශීය

රටතුල පවතින තත්වය ගෙන මැතිවරණ කොමිසම කණගාටුවෙන්

(UTV | කොළඹ) – අද රටතුල පවතින තත්වය මත ජනතාව පත්ව ඇති අතිදුෂ්කර තත්වය පිළිබදවත් පවතින දේශපාලන ක්‍රියාකාරකම් පිළිබදවත් බලවත් සංතාපයෙන් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

මේ අවස්ථාවේ පවතින ආර්ථික සහ දේශපාලන අර්බුධයට විසදුම් සෙවීම සදහා සියලූ දේශපාලන පක්ෂ එකට එක්වී කටයුතු කල යුතු බවත් එම නිවේදනයේ සදහන්.

ප්‍රජාතන්ත්‍රවාදීව සහ සාමකාමීව ඉදිරිපත් කෙරෙන ජනතා අදහස් වලට සවන්දීම දේශපාලන පක්ෂ සතු වගකීමක් බව පෙන්වා දෙන කොමිසම අවධාරණය කරන්නේ එය නොසලකා හැරීම රටතුල විශාල ව්‍යසනයක් ඇතිවීමට හේතුවිය හැකි බවයි.

Related posts

රට බංකොලොත් වීමට හේතු සොයන්න විපක්ෂයෙනුත් කමිටුවක්

Mohamed Dilsad

‘සියලු රටවැසියන් ආරක්ෂා කරගැනීම අපේ බලාපොරොත්තුවයි’

Mohamed Dilsad

ආනයනික කිරිපිටි මිල ගණන්වල වෙනසක්

Mohamed Dilsad

Leave a Comment