දේශීය

අද හා හෙට බැංකු විවෘතයි

(UTV | කොළඹ) – බැංකු සේවා සඳහා සියලුම බලපත්‍රලාභී බැංකු අද(11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය, අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේ ය.

රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ , සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බවය.

Related posts

ජාතික නිදහස් දින සැමරුම හෙට

Editor O

බස් ගාස්තු සියයට 2.5% කින් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment