ප්‍රමුඛ පුවත 1

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගී වෙයි

(උදයම්,කොළඹ)  – ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහභාගිවීමට නියමිතය.

ලබන 22 දින ආරම්භ වන සමුළුව 31 දක්වා පැවැත්වෙයි. මෙම සැසිවාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ දේශණයක් පැවැත්වීමට ද නියමිතය.

තව ද පොදූ රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ රැස්වීම ද ඇමතීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ පැවැති පොදූ රාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී ප්‍රකාශ කළ කොළඹ ප්‍රකාශනය ද මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම සංචාරයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සෞඛ්‍ය සේවාව නංවාලීමේ ව්‍යාපෘති රැස්වීම් කිහිපයකට සහභාගි වෙයි. “සියලු කාන්තාවන්, සියලු දරුවන්” යන තේමාව යටතේ මෙන්ම ගර්භණී සමයේ දී දියවැඩියාවට මුහුණ දෙන කාන්තාවන් පිළිබදව ද විශේෂ සාකච්ඡාවට කිහිපයක් ද ඇතුළත් වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සමුළුවේ දී නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ද පත් කිරීමට නියමිතය. වත්මන් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මියගේ දිගු සේවා කාලය පුර්ණවීම ඊට හේතුවයි. අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා පකිස්ථානය, ඉතියෝපියාව සහ එක්සත් රාජධානියෙන් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටී. සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක මණ්ඩලය නියෝජනය කරයි.

මේ අතර ජීනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුලුවට අමාත්‍යාංශ නියෝජිතයින් විශාල සංඛ්‍යාවක් සහභාගිවීම පිළිබදව පළ වූ මාධ්‍ය වාර්තා පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගයෙන් ක්‍රීයාත්මක ගෝලීය සහ කළාපීය ක්‍රියාකාරකම් පිළිබද සාකච්ඡා කිරිම මෙම සමුළුවේ අරමුණයි. මෙම වසරේ සංචාරයට එක්වන කණ්ඩායම ඒ සදහා සුදූසුම වෛද්‍යවරුන් සහ විශේෂඥයින් පිරිසක්. මින් බොහෝ දෙනෙකුගේ සංචාරය සදහා වියදම් ඔවුන් අනුයුක්ත වෘත්තීය ආයතන මගින් දරණ අතර, අමාත්‍යාංශය මගින් ඊට කිසිදූ මුදලක් වැය නොකරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Read 14 times

Related posts

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

වැඩි වූ බස් ගාස්තු මෙන්න

Mohamed Dilsad

ශිෂ්‍යත්වයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට

Mohamed Dilsad

Leave a Comment