ප්‍රමුඛ පුවත 1

වැඩි වූ බස් ගාස්තු මෙන්න

(උදයම්,කොළඹ)  –  වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් වැඩි වූ බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ යටතේ අවම ගාස්තුව ලෙස පැවති රුපියල් 9 ගාස්තුව රුපියල් 10 දක්වා ඉහළ නැංවෙනු ඇත.

ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නංවා තිබේ.

මීට අමතරව අධිවේගී මාර්ගවල බස් ගාස්තු,

මහරගම – ගාල්ල රුපියල් 410ක්,

මහරගම – මාතර 500ක්,

කඩුවෙල – මාතර 520ක්,

කොළඹ – මාතර 530ක්,

කඩුවෙල – ගාල්ල 430ක්,

කඩවත – මාතර 540ක්  කඩවත – ගාල්ල රුපියල් 440ක් වෙයි.

Related posts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 67 වසරයි

Mohamed Dilsad

හිස්බුල්ලාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

Mohamed Dilsad

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment