දේශීය

ගම්මන්පිලගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) – 2022 පෙබරවාරි 15 වනදා සිට ඔක්තෝබර් 14 දක්වා මාස 8 ක කාලයක් සදහා පෙට්‍රල් බැරල් ලක්ෂ 18 ක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ලබාදීම සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් සහ තාවකාලිකව ලියාපදිංචිය ලබාගත් සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇති අතර අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව නිර්දේශ කර ඇත්තේ එම දිගුකාලින කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading Limited ආයතනය වෙත ලබා දීමටය.

ඒ අනුව, පෙට්‍රල් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s OQ Trading Limited ආයතනය වෙත ලබා දීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Related posts

අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

මත්තල ගුවන් තොටුපොළ හෙට සිට යළිත් සක්‍රීය වෙයි

Mohamed Dilsad

විදුලි කප්පාදුවක් අත ළඟ ද…?

Editor O

Leave a Comment