විදෙස්

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

(UTV | රුසියාව) – රුසියාවට එරෙහිව මේ වන විට ලොව රටවල් රැසක් සම්බාධක පනවමින් සිටී.

ඒ අනුව එක්සත් රාජධානිය රුසියානු නාවුක යාත්‍රාවන්ට සිය වරාය වෙත පැමිණීම තහනම් කර ඇත.

එම තීරණය ඊයේ (28) දිනයේ ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර කැනඩාව රුසියාවෙන් ආනයනය කරන සියලු බොරතෙල් නවතා දැමීමට ද තීරණය කර තිබේ.
කැනඩාව වාර්ෂිකව රුසියාවෙන් මිලදී ගන්නා බොරතෙල්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 550කි.

ඉදිරියේදී රුසියාව දැඩි ආර්ථික අවදානමක තිබෙන බැවින්, රුසියානුවන්ට මුදල් විදේශගත කිරීම තහනම් කිරීමට රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් ඊයේ (28) නියෝග කර තිබේ.

Related posts

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ට්‍රම්ප් කොරෝනා මර්දන බලකාය අහෝසි කිරීමට තීරණය කරයි

Mohamed Dilsad

Leave a Comment