දේශීය

යුක්රේන – රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – මේ වන විට දිවයිනේ රැදී සිටින යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාල සීමාව දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති යුද වාතාවරණය හේතුවෙන් ඔවුන්ට නැවතත් සිය රටවල් වෙත යාමට අපහසු තත්ත්වයක් පැන නැගීම ඊට හේතුවයි.

ඒ අනුව එම සංචාරකයන්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කර ගැනීමකින් තොරව මාස දෙකකින් දීර්ඝ කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ.

Related posts

වැලිකඩ තවත් රැඳවියන් 23 කට කොරෝනා

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

නැවත මුව ආවරණ පළඳින ලෙස දැඩි නිර්දේශ

Mohamed Dilsad

Leave a Comment