විදෙස්

රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 7ක් මරුට

(UTV | යුක්‍රේනය) – රුසියානු හමුදා විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 7 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔඩෙස්සා නගරයෙන් පිටත පොඩිල්ස්ක්හි හමුදා ඒකකයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලැබූ බව නිලධාරීන් පැවසූ බව ය.

පුද්ගලයන් 19 දෙනෙකු ද අතුරුදන්ව ඇති අතර මරියුපෝල් නගරයේ එක් පුද්ගලයෙකු මිය ගිය බව ඔවුහු වැඩිදුරටත් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර, රුසියානු ගුවන් යානා පහක් සහ හෙලිකොප්ටරයක් බිම හෙළූ බව යුක්‍රේන සන්නද්ධ හමුදා පවසයි.

කෙසේ වෙතත්, තම ගුවන් යානා වෙඩි තබා බිම හෙළූ බවට පළවන වාර්තා රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රතික්ෂේප කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, “යුක්‍රේන සන්නද්ධ හමුදාවන්ගේ ගුවන් ප්‍රහාර යටපත් කර ඇති” බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, “සන්සුන්ව සිටින්න සහ යුක්‍රේන ආරක්ෂකයින් විශ්වාස කරන්න”, යනුවෙන් යුක්‍රේන හමුදා ප්‍රකාශයක් සිදු කර ඇති බව ය.

මේ අතර, රුසියානු හමුදා රථ පෙළ උතුරු චර්නිහිව් සහ සූමි ප්‍රදේශවලින් සහ නැගෙනහිර ලුහාන්ස්ක් සහ ඛාර්කිව් ප්‍රදේශවලින් යුක්‍රේනයට ඇතුළු වී ඇති බව යුක්‍රේන දේශසීමා ආරක්ෂක සේවය (DPSU) පවසයි.

Related posts

ප්‍රංශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

Mohamed Dilsad

ප්‍රංශ ජනාධිපති කොලොම්බියා සංචාරයක

Mohamed Dilsad

පුටින් සහ චීන ජනාධිපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment