විදෙස්

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

(UTV |  ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බදව එරට කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

භූමිකම්පාව දේශීය වේලාවෙන් බදාදා අලුයම 4.25ට සිදුව ඇති අතර, එහි අපිකේන්ද්‍රය මලුකු බරාත් ඩායා දිස්ත්‍රික්කයට කිලෝමීටර් 86ක් ඊසාන දෙසින් සහ මුහුදු පත්ලේ කිලෝමීටර් 131 ක් ගැඹුරින් ඇති වූ බව ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම, මෙම භූමිකම්පාවෙන් ජීවිත හෝ හානි පිළිබඳ වාර්තා නොමැත.

Related posts

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රථයකට ප්‍රහාරයක්.

Mohamed Dilsad

සිරියාවෙන් ප්‍රථම කොවිඩ් නයින්ටීන් මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

දකුණු ඉන්දියාවේ ගංවතුර හේතුවෙන් 17ක් මරුට

Mohamed Dilsad

Leave a Comment