විදෙස්

ඉන්දුනීසියාවට ඔබ්බෙන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක්

(UTV |  ඉන්දුනීසියාව) – ඉන්දුනීසියාවේ නැගෙනහිර පළාතේ මලුකු ප්‍රදේශයට අද (02දා) අලුයම රික්ටර් පරිමාණ 6.2ක භූමිකම්පාවක් ඇති වී ඇති බව එරට කාලගුණ විද්‍යා ඒජන්සිය පවසයි.

කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බදව එරට කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික විද්‍යා ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

භූමිකම්පාව දේශීය වේලාවෙන් බදාදා අලුයම 4.25ට සිදුව ඇති අතර, එහි අපිකේන්ද්‍රය මලුකු බරාත් ඩායා දිස්ත්‍රික්කයට කිලෝමීටර් 86ක් ඊසාන දෙසින් සහ මුහුදු පත්ලේ කිලෝමීටර් 131 ක් ගැඹුරින් ඇති වූ බව ඒජන්සිය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම, මෙම භූමිකම්පාවෙන් ජීවිත හෝ හානි පිළිබඳ වාර්තා නොමැත.

Related posts

සිරියාව සම්බන්ධයෙන් ට්‍රම්ප් තදින්

Mohamed Dilsad

රට යළි විවෘත කිරීම ගැන පාකිස්තාන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවේ අවධානය

Editor O

Leave a Comment