දේශීය

දිවයිනට අද සිට බූස්ටර් සතියක්

(UTV | කොළඹ) – අද (31) සිට සතියක කාලයක් බූස්ටර් එන්නත ලබාදීම සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

මෙතෙක් බූස්ටර් එන්නත ලබානොගත් සියලුදෙනාට මෙම සතිය තුළදී ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ රෝහලට ගොස් එන්නත ලබාගත හැකි බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

එසේම මෙරට කිසිඳු පුද්ගලයකුට බලහත්කාරයෙන් එන්නත ලබාදීම සිදුනොකරන බවත් සෑම දෙනාම එන්නත ලබා ගැනීම යුතුකමක් බවත් ඔහු කීය.

එන්නත ලබාගැනීම ප්‍රමාද කිරීමේ ප්‍රතිඵලය මරණය විය හැකි බවද සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත ලබාගත් බවට තහවුරු කිරීම අනිවාර්ය කිරීමට කටයුතු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

Related posts

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

Mohamed Dilsad

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකට බාර දෙයි

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 39, 693 ක් වෙයි

Mohamed Dilsad

Leave a Comment