දේශීය

පානදුර ගිලන් රථයට වෙඩි තැබීමේ සිද්ධියේ අලුත්ම කතාව

(UTV | කළුතර) – පානදුර ප්‍රදේශයේදී ගිලන් රථයක රියැදුරුට වෙඩි තැබීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළි වී තිබේ.

අදාළ වෙඩි තැබීම පානදුර මූලික රෝහල ඉදිරිපිට අද (ජන. 27) දහවල් සිදුවී ඇති බව වාර්තාවේ.

යතුරු පැදි දෙකකින් පැමිණි නාඳුනන පුද්ගලයින් සිව් දෙනෙකු ගිලන් රථ රියැදුරුට වෙඩි තබා පළා ගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පැවසීය.

මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදු කර ඇති අතර, සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැතැයි ද පොලිසිය ප්‍රකාශ කර ඇත.

පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන් රථ රියැදුරෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර හෙරොයින් මත්කුඩු කිලෝ 45ක් යුද්ධ හමුදා වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දීම වෙඩි තැබීමට ආසන්නතම හේතුව බවට හඳුනාගෙන ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ වැටී තිබුණු ජීව උණ්ඩයක් ද සොයා ගත් බව ද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායමක් කිහිපයක් යොදා පරීක්ෂණ සිදු කරන බව පොලිසිය පවසා ඇත.

Related posts

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවක් විභාගයට

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

ඉන්දන බෙදාහැරීමේ අර්බුධයක්….?

Editor O

Leave a Comment