දේශීය

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

(UTV | කොළඹ) – විදුලිය කැපීම, නොකැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය විදුලි ඉංජිනේරුවන් සතු නොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ චෝදනාවට විදුලි ඉංජිනේරුවරුන් ප්‍රතිචාර දක්වනවා.

මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සභාපති ජනක රත්නායක චෝදනා කළේ විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් වෘත්තිය සමිතියකට අදහස් පළ කළ නොහැකි බවයි.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේ පවතින තත්ත්වය මත නිරන්තරයෙන් හදිසි අවස්ථා මතුවන බැවින් ලිඛිතව ඉල්ලීම් කරමින් අවසර ගැනීමට තරම් කාලයක් නොමැති බවයි.

මේ අතර හෙට දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ තහවුරු කළා.

Related posts

අද උදෑසන 11 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

වී කිලෝවක් සඳහා, ආණ්ඩුවෙන් නියම කළ අවම මිල මෙන්න

Editor O

ඉන්දියාවේ සිටින ලාංකීය සිසුන් සුරක්ෂිතයි

Mohamed Dilsad

Leave a Comment