දේශීය

රටේ විදුලි කප්පාදුවක් ඕනෑම මොහොතක සිදුවිය හැකි බව විදුලි ඉංජිනේරුවරුන් කියයි

(UTV | කොළඹ) – විදුලිය කැපීම, නොකැපීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය විදුලි ඉංජිනේරුවන් සතු නොවන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව කළ චෝදනාවට විදුලි ඉංජිනේරුවරුන් ප්‍රතිචාර දක්වනවා.

මහජන උපයෝගිතා කොමිශන් සභාවේ සභාපති ජනක රත්නායක චෝදනා කළේ විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් වෘත්තිය සමිතියකට අදහස් පළ කළ නොහැකි බවයි.

කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පැවසුවේ පවතින තත්ත්වය මත නිරන්තරයෙන් හදිසි අවස්ථා මතුවන බැවින් ලිඛිතව ඉල්ලීම් කරමින් අවසර ගැනීමට තරම් කාලයක් නොමැති බවයි.

මේ අතර හෙට දිනය දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඊයේ තහවුරු කළා.

Related posts

නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙති.

Editor O

මිනුවන්ගොඩින් තවත් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙක්

Mohamed Dilsad

බස්රථ සදහා Prepaid Travel Card පතක්

Mohamed Dilsad

Leave a Comment