ගොසිප්

ලංකාව ගොඩදාන්න ඉන්දියාවෙන් කෝටි 100ක්

(UTV | කොළඹ) – අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකා ඩොලර් කෝටි 100ක (රුපියල් බිලියනයක) ණයක් ලබා දීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇත.

එම ණය මුදල මුදල් වශයෙන් නොව ,ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා ණය පහසුකමක් ලෙස ලැබෙනු ඇති බව පැවසේ. මීට අමතරව ඉන්ධන මිල දී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි පනහක මුදලක්ද, හුවමාරු ණයක් වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 40 ක් ද ලබාදීමට ඉන්දියාව එකඟතාව පළකර ඇතැයි දැනගන්නට ඇත .

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් දා ඉන්දියාවේ කළ සංචාරයකදී එරට බලධාරීන් සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ණය පහසුකම ලැබෙනු ඇත.

Related posts

වෛද්‍ය පාදෙණියගේ සාදයට කොරෝනා රෝගියෙකු පැමිණෙයි

Mohamed Dilsad

කොරෝනාවට සොබාදමින් ප්‍රතිකර්ම සෙවූ ඇමසන් වැසියෝ [PHOTOS]

Mohamed Dilsad

ගෝඨාභය මහත්තයෝ ජොබ් එක දන්නැතිනම් නම්බුව තියලා ගෙදර යන්න

Mohamed Dilsad

Leave a Comment