ක්‍රීඩා

දසුන් ශානකට අද තරගයත් අහිමිවන ලකුණු

(UTV |  හම්බන්තොට) – ජැෆ්නා කිංග්ස් හා දඹුල්ල ජයන්ට්ස් අතර Qualifier 2 තරගය අද රාත්‍රී 7.30 ට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි පැවැත්වෙනවා.

දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානකට මෙම තරගයත් අහිමි වන බවට තොරතුරු වාර්තා වනවා.

පසුගියදා පැවති කැන්ඩි වෝරියර්ස් සමග තරගයේදි දසුන් ශානක පිට කොන්දේ ආබාධයකට ගොදුරු වුනා.

මේවනවිට ප්‍රතිකාර කිරීම ආරම්භ වී ඇතත් දසුන් ශානක පුර්ණ සුවය ලබා නොමැති බව ද වාර්තා වනවා.

ඒ අනුව අද Qualifier 2 තරගය ද දසුන්ට අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

කළම්බු ස්ටාර්ස් සමග පැවති Eliminator තරගය ද දසුන් ක්‍රීඩා කලේ නෑ.

ඒ අනුව එම තරගයේ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දැරුවේ නිරෝෂන් දික්වැල්ල ‍යි.

මේ අතර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසන්නේ තම කණ්ඩායමට අවසන් තරගයට සුදුසුකම් ලැබීමට හැකියාව පවතින බවයි.

පසුගිය තරග කිහිපයේදි පිතිකරුවන් ලකුණු අතරට නොපැමිණියත් අද තරගයේදි ලකුණු අතරට පැමිණීමට තරම් අත්දැකීම් ඇති පිතිකරුවන් පිරිසක් තම කණ්ඩායම සතු බව තිළිණ කණ්ඩම්බි වැඩිදුරටත් ප්‍රකාශ කළා

Related posts

ඩිලන්ත මාලගමුව – අශාන් සිල්වා අද තරග බිමේ

Mohamed Dilsad

අයි.සී.සී නව ප්‍රධාන විධායක ධූරය ඉන්දීයාවට..

Mohamed Dilsad

ඉන්දීය ක්‍රිකට් පුහුණුකාර තනතුර ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

Leave a Comment