විදෙස්

එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්

(UTV |  එංගලන්තය) – එංගලන්තයේ ලිවර්පූල් නගරයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මෝටර් රථයක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.

මෙහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි එංගලන්ත වාර්තාවල දැක්වෙන්නේ.

පිපිරීමට ලක්ව ඇත්තේ කුලී මෝටර් රථයක්.

එහි ගමන් කළ මගියා එලෙස මියගොස් ඇති අතර කුලී රථයේ රියදුරා සිද්ධියෙන් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්ත ක්‍රියා වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් 21, 26 හා 29 හැවිරිදි වයස් කාණ්ඩවල පසුවන්නන්.

Related posts

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා හඳුනා ගැනේ

Mohamed Dilsad

කාශ්මීරයේ යළිත් වෙඩි හුවමාරුවක්

Editor O

සිංගප්පූරු රජය චීන – ඔස්ට්‍රේලියා දේශසීමා සීමාවන් ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment