විදෙස්

තවත් සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

(උදයම්,බ්‍රිතාන්‍ය)  – ලොව පුරා පරිගණක පද්ධති රැසකට බලපෑම් කරමින් පසුගිය සිකුරාදා සිදුවූ සයිබර් ප්‍රහාරයෙන් පසුව අද දිනයේ තවත් නවතම සයිබර් ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇති බව පරිගණක පද්ධති ආරක්ෂකයෝ අනතුරු අඟවති.

පසුගියදා සිදුවූ සයිබර් ප්‍රහාරයේ රැන්සම්වෙයාර් මෘදුකාංගය පැතිරීම වැළැක්වනු  ලැබුවේ පරිගණක පද්ධති ආරක්ෂකයෙකු වන  බ්‍රිතාන්‍ය ජාතික  මාල්වේ ටෙච් විසිනි.

මාල්වේ ටෙච් අවධාරණය කර තිබුණේ බොහෝ විට අද දිනයේ මෙම සයිබර් ප්‍රහාරය එල්ලවීමේ අවදානමක් පවතින බවය.

පසුගීයදා පැතිර ගිය පරිගණක වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල්  99ක් මෙම සයිබර් ප්‍රහාරයට ගොදුරු වුණි.

Related posts

දකුණු අප්‍රිකාව Oxford-AstraZeneca එන්නත දීම අත්හිටුවයි

Mohamed Dilsad

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.

Mohamed Dilsad

ඔබාමාට සහ හිලරිට තැපෑලෙන් ආ පාර්සල් මොනවද?

Mohamed Dilsad

Leave a Comment