දේශීය

නිරෝධායන නීති කඩමින් අත්අඩංගුවට පත්වූවන් 80,000 ට ආසන්නයි

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 80,000ට ආසන්න වී තිබෙනවා.

එම සංඛ්‍යාව පවතින්නේ 79 945 ක් ලෙසයි.

ඊයේ උදාසන 6 සිට අද උදාසන 6 දක්වා ගතවූ කාලය තුළ තවත් පුද්ගලයින් 95 දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.

බස්නාහිර පළාතට ඇතුලූවන පුද්ගලයින් 1307 ක් හා වාහන 894 ක්ද පළාතෙන් පිටවන පුද්ගලයින් 1061 ක් හා වාහන 697 ක් ඊයේ පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති වීම හේතුවෙන් පුද්ගලයින් 163 ක් හා වාහන 86 ක්ද ආපසු හරවා යැවූ බවයි පොලිසිය නිවේදනය කලේ.

Related posts

ජේතවන ස්තූපයේ සං‍රක්ෂණ කටයුතු යලිත් අරඹයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව එළඹෙන 21දා රැස්වෙයි.

Editor O

දක්ෂිණ අධිවේගයේ ගාස්තු ගෙවීම QR ක්‍රමයට

Mohamed Dilsad

Leave a Comment