දේශීය

අත්අඩංගුවට ගත් ටෙලි නිළි උපේක්‍ෂාට පොලිස් ඇප

(UTV | කොළඹ) – කටුගස්තොට ප‍්‍රදේශයේදී තම මෝටර් රථය තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවුණු රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනප‍්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය ශිල්පිනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය කටුගස්තොට පොලිසිය මගින් ඊයේ (26) පොලිස් ඇප මත මුදාහරිනු ලැබුවාය.

උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය ගැටීමෙන් අනතුරට පත් යතුරුපැදිය පැදවූ තරුණයාගේ තත්ත්වය බරපතළ නොවූ බව සැලකිල්ලට ගනිමින් පොලිස් ඇප මත සැකකාරිය මුදාහළ බව කටුගස්තොට පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍ර. පො. ප. සේනානායක මහතා පැවසීය.

එහෙත් පරීක්‍ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් ප‍්‍ර. පො. ප. සේනානායක මහතා පැවසීය.

උපේක්‍ෂා ස්වර්ණමාලි මහත්මිය ධාවනය කළ මෝටර් රථයට පෙරේදා (25දා) රාත‍්‍රියේ කටුගස්තොට දී 18 හැවිරිදි තරුණයකු ගැටී තුවාල ලබා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ යටිවාවල ප‍්‍රදේශයේදී (හාරිස්පත්තුව ප‍්‍රාදේශීය සභා ගොඩනැගිල්ල ආසන්නයේදී )මෝටර් රථය සහ යතුරුපැදිය ගැටී ඇති බව කටුගස්තොට පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ 18 හැවිරිදි ඒ. කේ. සමිදු බණ්ඩාර නමැති තරුණයෙකි.

Related posts

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

කොළඹ යට වීම වැළැක්වීමට සැලසුමක් ඉල්ලමින් නියෝගයක්

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

Mohamed Dilsad

Leave a Comment