දේශීය

වාහන දඩ ගෙවීමට අලුත් ක්‍රමවේදයක්

(UTV | කොළඹ) – වාහන දඩ මුදල් විද්‍යුත් ක්‍රමයට ගෙවීම සහ රියදුරන් වෙනුවෙන් කුසලතා ලකුණු ක්‍රමය ළඟදීම හඳුන්වාදීමට පියවර ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඔහු පෙන්වාදෙන්නේ කුසලතා ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ දත්ත පද්ධති පවතින අතර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමට මේ වනවිටත් පියවර ගනිමින් සිටින බවය.

මේ අතර මාර්ග අවහිර කරමින් සිදුකරන යාචක ව්‍යාපාරය නතර කිරීමට පියවරගන්නා බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

උසස් පෙළ අවසන් වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ 13 වන කොරෝනා මරණය වාර්තා වෙයි [RELEASE]

Mohamed Dilsad

කැරොලයින්ට සහ චූලාට ඇප

Mohamed Dilsad

Leave a Comment