විදෙස්

කියුබාවෙන් කොවිඩ් මර්දන එන්නතක්

(UTV | කියුබාව) – කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා.

සියයට 92 කට වඩා ඵලදායි බව පැවසෙන මෙම එන්නත ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.

කියුබාව තම රටවැසියන්ට ලෝකයේ කිසිදු රටකින් කොවිඩ් මර්දන එන්නත් මිලදී ගෙන හෝ ලබාගෙන නොමැත.

කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමකට මුහුණ දී සිටින කියුබාව ජනතාවට ප‍්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර දේශීයව නිපදවන එන්නත් දෙකක් ඒ සඳහා භාවිතා කරයි.

එයින් එකක් වන අබ්දාලා කොවිඩ් එන්නතට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට කියුබාවේ ඖෂධ අධිකාරිය පියවර ගෙන තිබුණි.

ඒ, එම එන්නත 92% කට වඩා ඵලදායි බව එන්නත් නිෂ්පාදක ආයතනය නිවේදනය කිරීමෙන් පසුවය.

මෙම වසරේ එරට සියලුම වැසියන්ට එන්නත් ලබා දීමට අපේක්ෂා කරන කියුබාව තම රටට අවශ්‍ය සියලුම එන්නත්වලින් 80% කට ආසන්න ප්‍රමාණයක් දේශීයව නිපදවන අතර කොවිඩ් මර්දන එන්නත් 5 ක් සංවර්ධනය කරමින් සිටියි.

කොවිඩ් වෛරසයට එරෙහිව එන්නතක් සාර්ථකව සංවර්ධනය කළ ලතින් අමෙරිකාවේ සහ කැරිබියන් කලාපයේ පළමු රට වන කියුබාව වන අතර තමන්ගේම කොවිඩ් එන්නතක් නිපදවු ලොකයේ කුඩාම රටද වන්නේය.

ඉදිරියේදී සිය කොවිඩ් මර්දන එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීමට කියුබාව බලාපොරොත්තුවේ.

Related posts

සඟරාවක පිංතූරයක් කේරළය කළඹයි

Mohamed Dilsad

බැග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම ISIS භාර ගනියි

Mohamed Dilsad

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

Leave a Comment