විදෙස්

සඟරාවක පිංතූරයක් කේරළය කළඹයි

(UTV| කොළඹ) – නිරූපිකාවක් බිළිඳකුට මව්කිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් කේරළයේ සඟරාවක පිට කවරයෙහි පළ කරනු ලැබීම මුල්කර ගනිමින් මත ගැටුමක් ආරම්භ වී ඇත.

කේරළයේ පලකෙරෙන ‘ග්‍රිහලක්ෂ්මී'(Grihalakshmi) නම් සඟරාවේ පිට කවරය සඳහා ගිලු ජෝසෆ් (Gilu Joseph) නම් නිරූපිකාව බිළිඳකු සිය පපුවට තුරුල් කර ගනිමින් මව්කිරි දෙන ආකාරයට මෙම ඡායාරූපයේ දැක්වේ.

“කේරළයේ මව්වරුන් බියවිය යුතු නැහැ.දරුවන්ට මව්කිරි දීමට අපි සූදානම්!” යන තේරුම දෙන උධෘත පාඨයක් ද එම පිංතූරයට ඉහළින් දැක්වෙයි.

කාන්තාවක් විවෘත මට්ටමින් තනකිරි පොවන ආකාරය දැක්වෙන පිංතූරයක් ඉන්දියානු සඟරාවක පිට කවරයේ පළ කරන ලද පළමු අවස්ථාව මෙය වන බව වාර්තාවේ.

එහෙත් ගිලු ජෝසෆ් (Gilu Joseph) තවමත් මව් පදවිය ලබා නැති බව පවසමින් එම පිංතූරය මුල්කර ගෙන ඉන්දීය සමාජය තුළ අසහනකාරී උණුසුම් විවාදයක් ආරම්භ වී ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දැවුණු ඔස්ට්‍රේලියාවට වැසි ඇදහැලේ

Mohamed Dilsad

ඇමරිකානු ස්වදේශ කටයුතු පිළිබඳ ආරක්ෂක ලේකම්වරිය සිය ධුරයෙන් ඉවත් වේ

Mohamed Dilsad

උපකාරක පන්තියක ඇතිවූ ගින්නකින් ඉන්දියාවේ සිසුන් දහනව දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment