දේශීය

කැබිනට් තීරණ : නව පොලිස් මූලස්ථානය දෙහිවල අත්තිඩියේ

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොලිසියේ නව පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ල පැපිලියාන ප්‍රධාන මාර්ගයේ බෙල්ලන්තොට හංදිය ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.  

ශ්‍රී ලංකා පොලිසියට අයත් ඉඩමක මෙම නව මූලස්ථානය ඉදිකිරීමට නියමිත අතර එහි භූමි ප්‍රමාණය අක්කර 14 කට අධිකයි.

මිරිහාන ප්‍රදේශයේ පොලිස් මූලස්ථාන සංකීරණය ඉදි කිරීමට 2012 වසරේදී කැබිනට් අනුමැතිය හිමිව තිබුණ ද ඊට අවශ්‍ය පියවර ගෙන නොමැති පසුබිමක් තුළ පොලීසිය සතු බෙල්ලන්තොට හන්දියේ අදාළ ඉඩම පොලිස් මූලස්ථාන සංකීරණය ඉදිකිරීම සඳහා වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබේ.

ඒ අනුව පොලිස් මූලස්ථාන සංකීර්ණය බෙල්ලන්තොට ප්‍රදේශයේ ඉදිකිරීමටත් , නව අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමතකර ඇත.

මේ ඇතුලු සියලු කැබිනට් තීරණ මෙතැනින්

Related posts

හෙට සහ අනිද්දා කාර්යාල දුම්රිය ගමන්වාර අවලංගුයි

Mohamed Dilsad

පස්සර මාරක බස් අනතුරෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට – [PHOTOS]

Mohamed Dilsad

හයේ පොතේ ගැටළුවට, සෝදුපත බැලූ කෙනා දංගෙඩියට……? | මහජන ආරක්ෂක ඇමතිගෙන් කැකිල්ලේ විග්‍රහයක්…!!!

Editor O

Leave a Comment